ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි

පසුගිය 9 වන දා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී දිවුලපිටියේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාලයකට පහර දී ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, එම කාන්තාව මෙම සිද්ධියේ මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවට අදාළ සිදුවීම් සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ දර්ශන සහ ඡායාරූපවලින් නිරීක්ෂණය වී ඇති බව ය.

සැකකාරිය සැඟව සිටින බැවින් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව පොලිසිය පැවසීය.

අදාළ කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක අමතා දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකතන අංක : 071 – 8594949, 071 – 4196609

You May also like

Leave a Reply

Your email address will not be published.