කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර තිබෙනවා.
මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතාගේ වැඩ බලන සභාපතිත්වයෙන් රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීරණය ගත්තේ නෙවිල් ද සිල්වා මහතා විසින් කරන ලද අභියාචනයක් සැලකිල්ලට ගනිමිනුයි.
අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් නීත්‍යනුකූල නොවන ක්‍රියාවක් සිදු කරන්නැයි පොලිස් ප්‍රධානීන් දෙදෙනකු ලබා දුන් නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකළ නිසා තමාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි කියමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම අභියාචනය සිදු කර තිබුණා.
ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බව ද ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කළා.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇල්ලූ සැකකරුවෙකු මරා දමන ලෙස ඉහළින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම නිලධාරියා මාරු කළ බවටයි පසුගිය දා වාර්තා වුණේ.