මධුෂ්ගේ ගෝලයා ‘ඉන්දික’ සමග හාද පුස්තකාලයාධිපතිනිය සොයයි

මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන කැලූම් ඉන්දික සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන මේ වන විට අතුරුදන්ව සිටින මොරටුව ප්‍රදේශයේ පුස්තකාලයාධිපතිනියක අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසියේ විශේෂ කණ්ඩායමක් මෙහෙයුමක යෙදී සිටියි.

ඉන්දික තමන්ගේ සහෝදරයකු බව කියමින් මෙම පුස්තකාලයාධිපතිවරිය ඔහු නතර වී සිටි පානදුරේ නිවසට නිතර පැමිණ ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. මධුෂ්ගේ මත්කුඩු ව්‍යාපාරයේ සියලූම මුදල් භාරව සිටි බව පැවසෙන ඉන්දිකගේ ගනුදෙනු සම්බන්ධයෙන් මෙම පුස්තකාලයාධිපතිවරිය තොරතුරු දැන සිටින බවට පොලිසිය විශ්වාස කරයි.

ඉන්දික ලබා දී ඇති තොරතුරු අනුව, ආයුධ මුදල් හා මත්කුඩු සොයා ගැනීම සඳහා පොලිසිය පළාත් කිහිපයක විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *