මිදුලේ සිටිය දී අතුරුදහන් වූ දරුවා පැහැරගෙන ගිහින් යළිත් හමුවූ හැටි (UPDATE)

මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී අතුරුදහන්ව සිටි පිරිමි ළමයා අද (20) ඔහු පදිංචිව සිටි නිවස අසලම පාරක සිට හමු වී තිබෙනවා.

ආගරපතන පොලිස් වසමට අයත් හොල්බෘක් වතුයායේ අලර්වල්ලි ලොවර්ග්‍රෑන්ඩ් ප්‍රදේශයේ නිවසක සිටි මෙම දරුවා ඊයේ (19) පස්වරුවේ සිට අතුරුදහන්ව සිටි අතර ඒ මොහොතේ සිට පොලිසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ ප්‍රදේශවාසීන් එක්ව අද අලුයම තෙක් දරුවා සෙවීමේ කටයුතු සිදු කළා.

ඒ අනුව අතුරුදහන්ව සිටි දරුවා කිසියම් කෙනෙකු විසින් පැහැරගෙන ගොස්, සිදු කෙරෙන මෙහෙයුම් ගැන සැළ වී දරුවාව යළි නිවස අසලටම ගෙනවිත් දමන්නට ඇති බවයි පොසිලිය සැක කරන්නේ

 

 

………………..

මිදුලේ සිටිය දී අතුරුදහන් වූ දරුවා

 

මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවුරුදු 02 ක් වයසැති පිරිමි දරුවෙකු ඊයේ (19) පස්වරු 03.00 සිට අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිළි කර තිබෙනවා.

ආගරපතන පොලිස් වසමට අයත්, හෝල්බෘක් වතුයායේ, ලෝවර් ග්‍රැණ්ඩ්ලි ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම සිද්ධිය ඇතිව තිබෙනවා.

යදිස් විධුර්ෂන් නැමති මෙම දරුවා නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර පස්වරු 03.00 න් පසුව දක්නට නොලැබුණු බවයි දරුවාගේ පවුලේ අය පවසන්නේ.

දරුවා කිසිවකු විසින් පැහැරගෙන යන්නට ඇති බවට පවුලේ ඥාතීන් සැකකරන අතර මේ වන විට ආගරපතන පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ තලවාකැලේ කඳවුරේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අද (20) අළුයම වනතුරුත් සෙවිමේ කටයුතු වල නිරතවු මුත් මෙතෙක් සොයාගත නොහැකි වු බවයි වාර්තා වුණේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *