කිලිනොච්චිය – සේරික්කන් වෙරළ තීරයේ බෝට්ටුවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 77 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කිලිනොච්චිය පොලිසියට ලද තොරතුරක් මත එම කේරළ ගංජා තොගය ඊයේ පෙරවරුවේ සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ධීවර බෝට්ටුවකින් අදාළ කේරළ ගංජා රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා