බොරැල්ල OIC හප්පා පලා යාමෙන් පසු ‘ඩිෆෙන්ඩර් පසුපසම පන්නන’ විශේෂ පොලිස් මෙහෙයුමේ අරමුණ මෙන්න

කොළඹ නගරයේ මාර්ගවල ධාවනය වන ඩිෆෙන්ඩර් රථ විශේෂ පරීක්ෂාවකට ලක් කරන්නට පොලිස් රථවාහන අංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඊට මුල්වී ඇත්තේ ආරක්ෂක අංශවල වෙන්දේසිවලින් මිලදී ගන්නා අබලි රථවල අංක සහ ලියාපදිංචි තොරතුරුවලින් මේ වන විට ඩිෆෙන්ඩර් රථ රැසක් ධාවනය වන බවට තොරතුරු පොලිසියට ලැබී තිබීමයයි.

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කළ ඩිෆෙන්ඩරය ද එවන් ඩිෆෙන්ඩරයක් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මුලින්ම කොළඹින් ආරම්භ කෙරෙන මෙම මෙහෙයුම පසුව වෙනත් දිස්ත්‍රික්කවලද සිදු කිරීමට පොලිසිය බලාපොරොත්තු වන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මීට අමතරව පොලිස් ගිනි නිවන සහ ගිලන් රථවල භාවිත කෙරෙන නිල් සහ රතු පැහැති විදුලි ආලෝකය ඉදිරිපස රඳවාගෙන යන වාහන සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *