ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මධුෂ් ඇතුළු පිරිස පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා සහභාගී වීමට වීසා ඉල්ලා සිටි පොලිස් නිලධාරීන්ට වීසා ලබා නොදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිසිය ඩුබායි හෝ ඉන්ටර්පෝල් පොලිසියට මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් මේ වනවිටත් තොරතුරු ලබාදී නොමැති අතර පොලිස් නිලධාරීන්ට වීසා ලබා දීමට විරුද්ධ වී ඇත්තේ ඩුබායි පොලිසිය බවයි වාර්තා වන්නේ.
ඩුබායි පොලිසියේ විමර්ශනවලට මැදිහත් වීමට වෙනත් රටකට ඉඩ දීම එරට පිළිවෙත නොවන බවයි එහිදී පෙන්වා දී ඇත්තේ.
ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් පත් කරන ලද පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස ඩුබායි යාමට වීසා අයදුම්කර තිබෙනවා.