රන්ජන් නිසා පොලිසිය සිංගප්පුරුවෙන් මැෂින් ගෙන්වයි

රන්ජන් රාමනායක මහතාගේ හඬ පට විශ්ලේෂණය කිරීම සදහා ‌මෙරට පවතින පහසුකම් ප්‍රමාණවත් ‌නොවන බව වාර්තා වනවා.

ඒ සඳහා අධි ධාරිතාවෙන් යුත් නවීන සන්නිවේදන උපකරණ සිංගප්පූරුවෙන් ‌ගෙන්වීමට ‌බලධාරීන් පියවර ‌ගෙන තිබෙනවා.

ඒ අනුව ‌මෙම අති නවීන උපකරණ ‌තොගය අද (20) හ‌ෝ ‌හෙට (21) ‌පොලිස් මූලස්ථානය ‌වෙත ලැබීමට නියමිතයි.

මෙම හඬ පට විශ්ලේෂණය සදහා ‌පොලිස් කණ්ඩායම් 10ක් පත්කිරීමට පියවර ‌ගෙන ඇති අතර ලක්ෂ‌යකට අධික හඬ පට ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට නියමිත බවද වාර්තා ‌වනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.