පුන්නක්කු මිලත් රු. 1000කින් ඉහළට

පුන්නක්කු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1000 කින් එකවර ඉහළ දමා ඇත. ඒ අනුව රු. 1800ක් වූ පුන්නක්කු කිලෝග්‍රෑමයක මිල දැන් රු. 2800ක් වී තිබේ.

මේ හේතුවෙන් ගව පාලනයේ නියුතු ජනතාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පැවසුවේය.

මේ අතර, බෝග සහ ආහාර හිඟයකට තුඩු දිය හැකි ශ්‍රී ලංකාවේ පොහොර අර්බුදයට වහාම විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් ඊයේ දිනයේ විරෝධතා රැසක් පැවැත්විණි. රජය විසින් ගොවීන්ව නොමඟ යවන බව පවසමින් කෝපයට පත් වූ ගොවීන් විරෝධතා අතරතුර කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ස්වරූපයට සකසන ලද පඹයන් පුළුස්සමින් ඒවාට පහර දෙන අයුරු දක්නට ලැබිණි

කාබනික පොහොර භාවිතයෙන් ගොවීන්ට සිදුවන වගා පාඩු සඳහා වන්දි ගෙවීමට රජය සඳහන් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව ද ඔවුහු මෙහිදී පැවසූහ. එමෙන්ම අද දිනයේ දී මෙන්ම දිගටම ද විරෝධතා පැවැත්වෙන බව ගොවි සංගම් පවසති.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *