නුදුරු අනාගතයේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරන බව වතිකානුවේ අති උතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ සදහන් කර ඇත.
85 හැවිරිදි පාප් වහන්සේ මේ මාසයේ කැනඩාවේ සංචාරය කිරීමට නියමිත බවත්, ඉන් පසු හැකි ඉක්මනින් මොස්කව් සහ කියෙව් වෙත යාමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සදහන් කෙරේ.
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සිය වතිකානු නිවසේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සදහන් කර ඇත.
තමාට පිළිකාවක් ඇති බවට පැතිර යන කටකතා ද ප්‍රතික්ෂේප කරමින්, ඔහුගේ වෛද්‍යවරුන් “ඒ ගැන මට කිසිවක් නොකී” බවට විහිළු කරමින් උන්වහන්සේ එම සාකච්ඡාවේ දී පවසා ඇත.
සිය දණහිසේ රෝගය පිළිබඳ විස්තර ද එහිදී උන්වහන්සේ සදහන් කර තිබේ.
ඉකුත් සෙනසුරාදා දහවල් මිනිත්තු 90 ක් පුරා අදාළ සංවාදය පැවැති බවත් සහායකයින් නොමැතිව ඉතාලි භාෂාවෙන් පාප්වහන්සේ මේ සදහා එක්ව ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.