රටම ආදරය කරන ජනප්‍රිය නිලි රුක්ෂානා දිසානායක මුස්ලීම් ආගමට

නව පරපුරේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිහතමානී රංගන ශිල්පියෙක් තමයි රුක්ෂානා දිසානායක කියන්නේ.

කොහොම වුණත් රුක්ෂානා ගැන මෙතෙක් කල් හෙළි නොවුණු විශේෂ හෙළිදරව්වක් ඇය විසින්ම හෙළි කර තිබෙනවා.

එය මෙසේය,

” මමයි අම්මයි තාත්තායි මල්ලියි තමයි මගේ පවුල. මුලින්ම තාත්තා නම් මම රගපානවට අකමැති වුණා. ඔහු මුස්ලිම්. ඒ අයගේ සංස්කෘතියේ තිබුණු දේවල් එක්කයි එහෙම වුණේ. අම්මා නම් මම රගපානවට කැමතියි. මගේ රගපෑම් කටයුතු වලට හුගාක් උදව් කළේ ඇය තමයි. ඇය හැමවෙලාවෙම කියන්නේ තමන්ගේ සතුට තියෙන්නේ කොතනද ඒ දේ කරන්න ඕනේ කියලා. පස්සේ තාත්තාත් එකට විරුද්ධ වුණේ නැහැ. දෙන්නම කියන්නේ මොන රැකියාව කළත් තමන්ගේ ගෞරවය තියාගන්න කියලා. ඇත්තටම මම ආගම් දෙකම අදහනවා. ගරු කරනවා. මම පන්සල් කෝවිල් පල්ලිය කියන ස්ථාන 3ටම යනවා. ආගම ජාතිය කියන මේවා මිනිස්සු විසින් හදාගන්න දේවල්. ඒවා මොනවා උණත් හොදින් ජිවත් වෙන්න ඕනේ. මගේ නම ෆාතිමා රුක්ෂානා. ක්ෂේත්‍රයට එනකොට භාවිතයේ පහසුව සදහායි. මම රුක්ෂානා දිසානායක නම පිච්චි කළේ. ඒක මගේ අම්මාගේ වාසගමයි.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *