වරායේ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන්ට වැඩි වශයෙන් බදවාගැනීමට පියවර

ලොව බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේද වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් දැනටමත් රාජකාරී කරන අතර ඉදිරියේදී වැඩි වශයෙන් බදවා ගැනීමට පියවර ගන්නා බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවන සභාවාරයට අදාළව ඊයේ (20) පැවැත්වූ පළමු රැස්වීමේදී අමාත්‍යවරයා මේබව කියා සිටියා.

ලබන 22 වැනිදා අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝගය සදහාද කාරක සභාවේ එකඟත්වය මෙහිදී හිමිව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *