හිටපු ප්‍රබල ඇමතිවරයෙක්ව ‘ජනපති මැදිහත්වී’ නෙරපයි

නිදහස් පක්‍ෂයේ ප්‍රබල සාමාජිකයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු ද වන අතාවුද සෙනෙවිරත්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා සාමාජික ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

මාවනැල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරයා ලෙස ද කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දිස්ත්‍රික් නායකයා ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කළ අතාවුද සෙනෙවිරත්න මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යෑමට කැප වී කටයුතු කළා.

මේ පිළිබඳව අතාවුද සෙනෙවිරත්න මහතාගෙන්ක මාධ්‍ය ළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් තමා මධ්‍යම කාරක සභා සාමාජික ධුරයෙන් ඉවත් කර ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *