‘බැසිල් ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර නොගන්නේ ඇයි?’ ප්‍රසන්න රණතුංග රහස හෙළි කරයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ සදහා තරග වැදීමේ හෝ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වීමේ හෝ අවස්ථාව අහිමි කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසියෙකු බැවින් ඔහුට හිතවත් පාර්ශ්ව විසි දෙවන සංශෝධනයට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

මේ රටේ දේශපාලනය කරන්න අවශ්‍ය නම් ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගෙන එන්නැයි විවිධ පාර්ශ්ව බැසිල් රාජපක්ෂ මහතාට යෝජනා කරයි.

නමුත් ඔහු ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමට කිසිසේත්ම සූදානම් නැති බවකි පෙනී යන්නේ.
ඊයේ රූපවාහිනී වැඩසටහන සදහා සහභාගී වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බැසිල් ද්විත්ව පුරවැසි භාවය ඉවත්කර නොගැනීමේ හේතුව හෙළිකර සිටියේ ය.

බැසිල් රාජපක්ෂ මහතාම ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සමග පවසා ඇති පරිදි එල්ටීටීඊ සංවිධානය සමග පැවති යුද්ධයේ දී බැසිල්ගේ භූමිකාව සම්බන්ධයෙන්ද මානවහිමිකම් සංවිධානවලට යම්කිසි ගැටළුවක් තිබේ. එහි දී තම ආරක්ෂාව සදහා ඇමරිකානු පුරවැසිභාවය භාවිතා කිරීමේ අරමුණ ඇතිවයි බැසිල් ඔහුගේ ද්විත්වපුරවැසිභාවය ඉවත් කර නොගන්නට තීරණය කර තිබෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *