මෛත්‍රී නැවත ජනාධිපති කිරීමට සුදානම් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රීක් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව පෙරලීමට සන්ධාන ගත වීමට සුදානම් වුව ද ඡන්දේ ඉල්ලීමට ශ්‍රී.ල.නි.පය සමග සන්ධානගත වීම සම්බන්ධයෙන් ජනතාව තුල කැමැත්තක් නැති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘‘ගම සමග පිළිසදරක්’’ වැඩසටහන සම්බන්ධයෙන් කොට්ඨාශ නියෝජිතයින් දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමේදි රණතුංග මහතා මේ බව සදහන් කළා.
” ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ඇතුලූ කීප දෙනෙකුට අවශ්‍ය වෙලා තියෙනවා පොහොට්ටුව ශ්‍රී.ල.නිපයට ඇදලා ආපහු මෛත්‍රී ජනාධිපති කරන්න. නමුත් මේ රටේ ජනතාව අපේක්ෂා කරන්නේ මහින්ද මහතා රටේ නායකයා වෙන එකයි. අපි රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ නැහැ. සන්ධානයක් සැකසීම සදහා වන ශ්‍රී.ල.නි.ප පොහොට්ටු සක්ච්ඡා වලට අපේ කණ්ඩායම යන්නේ නිරවුල් මනසින්. හොද අවධානයෙන් මෙවර අපව රවටන්න කිසිවෙකුට බැහැ අපි එහෙම රැවටෙන්නේ නැහැ.
අපි මහින්ද මහත්තයාව නැවත දේශපාලනයට ගෙනාවා වගේම ඔහුව නැවත රටේ නායකයා කිරීමේ උවමනාවෙනුයි කටයුතු කරන්නේ. ඊයේ පෙරේදා දයාසිරි ජයසේකර මහතා අපේ දේශපාලන වැඩපිලිවෙල විවේචනය කළා එතුමා කවුද අපේ දේශපාලන වැඩ පිළිවෙල විවේචනය කරන්න. එතුමාට පුලූවන් එතුමාගේ පක්ෂයේ වැඩ පිලිවෙල ගැන කථා කරන්න. අපි ප්‍රතිපත්තියක් මතයි. දේශපාලනය කරන්නේ වාසියට ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ. වාසියට ගෙම්බෝ වගේ පැනලත් නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කියනවා අපිට විනය පරීක්ෂ කරලා පක්ෂයෙන් ඉවත් කරන්න පුලූවන් කියලා. මම එදා මහ ඇමති තනතුර අත ඇරලා ඇවිල්ල ජනතාවගේ පැත්තේ හිටගත්තේ හෘද සාක්ෂියට එකගවයි. මන්ත්‍රීකම නැති වුනත් අපි මේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යනවා. මේ ජනාධිපතිවරණයේදි අපේ අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන්. පොහොට්ටුවෙන් ඉදිරිපත් වන අපේෂකයා තමයි. මේ රටේ ඊලග ජනාධිපති ඒක වලක්වන්න කාටවත් බැහැ කිසිම ජගතෙකුට බැහැ.
දින 51 ආණ්ඩුව ගන්නවාට මම නම් කැමති වුනේ නැහැ. දැන් ආපහු සන්ධාන කථාවක් ඇවිත් තියෙනවා. මම දැක්කා සමහර අයවැය විවාදයට බයේ යු.එන්.පී එකට බයේ ගෙදර ගිය අය කියනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඊලග ජනාධිපති අපේෂකයාලූ. මම පැහැදිලිව ඒ අයට කියනවා අපි සන්ධාන ගහන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නැවත ජනාධිපති කරන්න නෙවෙයි.
මේවා කිව්වාම හෙට අනිද්දට විනය පරීක්ෂණ කැදවයි. මන්ත්‍රීකම නැතිකරන්න හදයි. අපි දන්නවා එදා වගේම අදත් ජනතාව අපිව ආරක්ෂා කරනවා කියලා ඒ නිසා මම බය නැහැ.” යනුවෙන් ප්‍රසන්න රණතුංග මහතා එහිදී කියා සිටියා