පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කළේ තමන්ට ඒවා ලබාදුන් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසා ඇතැයි වාර්තා වනවා.
තමන්ව පමණක් පොලිසියට රැගෙන ගියහොත් මේ පිළිබඳ සියල්ල හෙළිකරන බවයි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ඔහු සඳහන් කර ඇත්තේ.
“මේක මාර කෙළියක්නෙ. දැන් අපි පස් දෙනෙක්ගෙ කරේ සම්පූර්ණ වැඩේ පැටවෙන්නයි යන්නෙ. අපි ඉතිං තනියම ගැහුවා නෙවෙයිනෙ. අපිට කිව්ව නිසානෙ අපි ගැහුවෙ. නැත්තං අපි ගහනවද ?
දැන් ටොපිය කන්න වෙලා තියෙන්නෙ අපිට. මේක අපේ කරේ දාන්නයි හදන්නෙ. මිරිස් කුඩු ගෙනත් දීපු නිසානෙ මම ගැහුවෙ. තනියෙන් යන්න වුණොත් මම ඔක්කොම නම් ටික කියනවා. යනවා නම් කට්ටියම යමු ” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා.