වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි දෙන්න ජනපතිගේ එකඟතාව

වියළි කාලගුණය හේතුවෙන් වගා හානි සිදුවන ගොවීන්ට වන්දි ලබාදීමට ජනාධිපතිතුමා එකඟතාව පළකර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව වගා හානි තක්සේරු ආරම්භ කරන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බවය.

මේ අතර සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව, අද (07) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇඹිලිපිටිය ගොවීන් සඳහා මේ වනවිට වේලිඔය ජලාශයෙන් යම් ජලය ප්‍රමාණයක් ලබා දෙමින් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ හරහා වගාවෙන් 15% ත් 20% ත් අතර ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර, ඇඹිලිපිටිය ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (07) 15 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

ගොවීන් මෙම සත්‍යග්‍රහයේ නිරත වන්නේ, සිය වගාව සඳහා සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය ලබා දෙන්නැයි ඉල්ලමිනි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *