ජනපති කැබිනට් මණ්ඩලයට තහනමක් පණවයි !

කැබිනට් රැස්වීමේදී සඳහා ඇමැතිවරුන්ට ජංගම දුරකතන රැගෙන ඒම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (12) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් ඇමැතිවරුන් කැබිනට් රැස්වීම් අතරවාරයේ දුරකතන ඇමතුම් ගැනීම ඇමැතුම් වලට පිළිතුරු දීම ආදිය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තහනම පනවා ඇතැයි වාර්තා වනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරමින් අදහස් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *