අරාබි නායකයාත් අමෙරිකානු ප්‍රහාරයකට හසුවේ – ට්‍රම්ප් නිවේදනය කරයි

අරාබි අර්ධද්වීපයේ අල්-කයිදා සංවිධානයේ නායකයා අමෙරිකානු ප්‍රහාරයකින් මියගොස් ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

2015 සිට අරාබි අර්ධද්වීපයේ අල්-කයිදා කණ්ඩායම මෙහෙයවු කසීම් අල්-රයිමි යේමනයේදී මියගොස් ඇත්තේ අමෙරිකානු මෙහෙයුමක් අතරතුර බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

2000 දශකයේ බටහිර මර්මස්ථාන ඉලක්ක කර එළ්ල කළ ප්‍රහාර ගණනාවකට ඔහු සම්බන්ධ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අමෙරිකානු සහය සහිත මැදපෙරදිග රජයන් පෙරළා දැමීමේ අරමුණින් සහ කලාපයේ බටහිර බලාධිකාරය බිඳ දැමීමේ අරමුණින් සෞදි අරාබි සහ යේමන අල්-කයිදා කණ්ඩායම් එකතු කරමින් 2009 දී අරාබි අර්ධද්වීප අල්-කයිදා ජාලය පිහිටුවනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *