කොවිඩ් මර්දන පෙත්ත ගෙන්වීමට ජනපතිගෙන් උපදෙස්

‘මොල්නුපිරවිර්’ කොවිඩ් මර්දන ඖෂධය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු හමුවේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට ජංගම සේවා මඟින් බුස්ටර් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.

එමෙන්ම රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනාට ද එම සායන තුළදී බුස්ටර් එන්නත ලබාදීමට තීරණය කර තිබේ.

කොරෝනා මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝගවලින් පෙළෙන සියලුදෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය වී ඇත.

ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝනොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම සිදුකෙරේ.

අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එම පිරිසට තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකි බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *