ජනාධිපතිවරණයට පෙර ස්ථීරවම පළාත් සභා මැතිවරණයක්

ජනාධිපතිවරණයට පෙර ස්ථීර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *