ජනපති කැබිනට් වර්ජනයක !

ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (2) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා රජයේ ආයතනයක් තවත් රජ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද පවසා තිබෙනවා.

මෙවැනි ක්‍රියාවලින් එම ආයතන පිරිහීමට ලක්වනවා මෙන්ම පරිභෝගික ජනතාවද පීඩනයට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබෙනවා.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කර ඇතැයි වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *