“මා බිහිකළ සුජාත දරුවා අපචාරයට ලක්ව තිබෙනවා..පොලිස්පති පූජිත් ජයසුන්දර ගැන ප්‍රශ්න තිබෙනවා.”- ජනපතිගෙන් ප්‍රකාශයක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ප්‍රශ්ණ රාශියක් ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා පාර්ලිමේන්තුවේදි අද (21) සඳහන් කළා.

එය තමන් මීට පෙර ද සඳහන් කළ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“ 19 වැනි සංශෝධනයෙන් මා බිහිකළ සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව තිබෙනවා” යැයි ද ජනපතිවරයා මෙහිදී කියා සිටියා.

‘‘ඒ විනිශ්චයකාරවරුන්ට ව්‍යවස්ථා සභාවවත්, අගවිනිසුරුවත් කාවවත් අහම්බෙන්න බෑ. එයාලට හම්බෙන්න පුලුවන් මාව විතරයි. ඔවුන් කියනවා මම තමයි නම් කපන්නේ කියලා. මුලින් එහෙම හැඟීමක් තිබ්බා. විනිශ්චකාරතුමකුගේ නමක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා නම් තමාගේ සේවා කාලයට අදාලව උසස්වීම ලබා නොදෙන්නේ ඇයි කියලා දැනගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. විනිශ්චකාරවරයෙක් කිය්නනේ පොඩි කෙනෙක් නෙමෙයි. අපිටත් උසස්වීමක් ගන්න කාගේ හරි පස්සේ යන්න වෙයිද කියා විනිසුරුවරුන් ප්‍රශ්න කරනවා.

අද චෝදනාවක් තියෙනවා ව්‍යවස්ථා සභාව දේශපාලනී කරණය වෙලා කියලා. වැටත් නියරත් ගොයන් කා නම් කාටද කියමිත ඒ කතාව කියා කතාවක් තිබෙනවා.‘‘යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *