මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් අයිතිවාසිකම් කීමට ඇතැමුන් මේවනවිට පෙළඹී ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ පැවැති උත්සවයකදී මේ බව කියා සිටියා.
අවදානම් භාර ගැනීමේදී මගේ ජීවිතය ආදර්ශයට ගන්න. මම කරපු සියළුම රජයේ රැකියාවල් වලින් ඉවත් වුනා. මේ ඊයේ පෙරේදා ඩුබායි වලදී අත්අඩංගුවට ගත්ත අර පාතාල නායකයීන් ගැන රජයේ ඇමතිවරයෙක් කරපු ප්රකාශයක් අද පත්තරේ තියලා මම කියෙව්වා. ඒකෙ තියෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකාය හැදුවේ අපියි කියලා. ඒ වගේම පාතාල සමාජිකයින් අල්ලා ගන්න දැල එළුවෙ මිට වසර ගානකට කලින් කියලා. තමන් දෙයක් කරා නම් එකේ සතුට විදින එකේ වැරැද්දක් නැහැ යැයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.