“ස්විස් කුමන්ත්‍රණය මෝඩ වැඩක්. මම මාධ්‍ය හමුවක් තියනවා”- නම ඈඳුණු එජාප මන්ත්‍රී කට අරී

ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාව සම්බන්ධ කරගෙන ගොතන ලද කුමන්ත‍්‍රණය කවුරුන් කළත් මහා මෝඩ ක‍්‍රියාවක් බව තමා පිළිගන්නවා යැයි එක්සත් ජාතික පක්‍ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී බෙවන් පෙරේරා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ තමන් මාධ්‍ය හමුවක් තබා මේ පිළිබඳව කරුණු සඳහන් කරන බවයි.

බෙවන් පෙරේරා මහතාගේ පුත්‍රයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් තමන් ස්විස් නිලධාරිනියගේ නියෝජිතයා බව සඳහන් කිරීම නිසා අර්බුදයක් මතුව තිබු අතර ස්විස් නිලධාරිනිය මන්ත්‍රීවරයාගේ ලේලිය බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

“මගේ පුතා මාධ්‍යයට කියා තිබෙනවා ඒ කාන්තාව එයාගේ නියෝජිතවරියක් කියලා. කට වැරදිලා කියපු කතාවක්.

මේ කුමන්ත‍්‍රණය කවුරු කළත් මහා මෝඩ වැඩක්. හැබැයි මගේ පුතාගේ බිරිඳ එයා නෙමේ. මම මේ පිළිබඳව මාධ්‍ය හමුවක් තියා කියනවා.” යනුවෙන් බෙවන් පෙරේරා මහතා සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *