සිමෙන්ති මිල ඉහළ යයි. බ්ලොක් ගලක මිලත් රුපියල් 5 කින් ඉහලට

සිමෙන්ති මිල හදිසියේ ඉහළ යාමත් සමග සිමෙන්ති ආශ්‍රිත සෙසු නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට සිදුවන බව ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ බ්ලෝක් ගල් මෙන්ම සිමෙන්ති මල් පෝච්චි මිල ගණන් ද සුළු වශයෙන් හෝ වැඩි වනු ඇති බවයි. ඒ අනුව දැනට රුපියල් 30 ත් 35 ත් අතර මිලකට අළෙවි වන බ්ලොක් ගලක මිල රුපියල් 5 කින් පමණ ඉහළ යනු ඇති.

වෙළදපොළේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් ඉහළ ගොස් ඇති බව වෙළදපොල ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව මේ වනවිට වෙළදපොලේ සිමෙන්ති කොට්ටයක් අළෙවි වන්නේ රුපියල් 1,095 කටයි.

සිමෙන්ති මිල වැඩි කරන්නේ නම් අදාළ සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ගතයුතු වනවා. ඒ අනුව සිමෙන්ති මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා නෙත් නිවුස් පාරිභෝගික සේවා අධිකාරිය ඇමතුවද එහි කිසිවෙකු සම්බන්ධ කර ගැනීමට හැකි වූයේ නැහැ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *