රජයට වුවමනා වී ඇත්තේ වඩු කර්මාන්තය දියුණු කිරීමට බවත් ඒ සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එසේම ශ්‍රී ලංකාවේ වනාන්තර ආරක්ෂා කිරීමට ද රජයට වුවමනා වී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුගිය දා සඳහන් කළේ වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ජංගම ලී මෝල්, වඩු කර්මාන්තශාලා සහ යාන්ත්‍රික කියත් පාලනය කිරීම පිළිබඳව පමණක් බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව වඩු කර්මාන්තයට අහිතකර අන්දමින් මැදිහත්වීමට රජයට වුවමනා නැති බව පැවසූ ඒ මහතා එම කර්මාන්තය දියුණු කර ඉදිරියට ගෙන යා යුතු බවත් අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයේ යම් සංශෝධනයක් සිදු කිරීම සඳහා අවධානය යොමුව ඇති බවත් දැනටම ඒ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් ප්‍රකාශ කළේය.
සාම්ප්‍රදායික වඩු කර්මාන්තය ලංකාවට පමණක් සීමා නොකර විදේශ රටවලටත් ලබාදීමට පියවර ගත යුතු බව පැවසූ ඒ මහතා ඒ අනුව වඩු කර්මාන්තයට හොඳ අනාගතයක් ද පවතින බවයි අවධාරණය කළේ.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා දෙන සහන ණය වඩු කර්මාන්තයටත් ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පස්වරුවේ වඩු කාර්මිකයින් පිරිසක් සමඟ පැවති හමුවක් අමතමිනි.