බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හා ඔහුගේ බිරිඳ කැමිලා කියුබාවේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා.
කියුබාවේ නිල සංචාරයක් සිදුකළ බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රථම සාමාජිකයන් වන්නේ ද මොවුන් දෙදෙනායි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය රාජකීයයන්ගේ මෙම ගමන ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නොසතුටට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එසේම වෙනිසියුලාවේ සමීපතම රටක් ලෙස ද කියුබාව කටයුතු කිරීම ද අමෙරිකාවේ විරෝධයට හේතු වී තිබෙනවා.
බැරක් ඔබාමා හිටපු ජනාධිපතිවරයා කියුබාව සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද ඒ සියල්ල වෙනස් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියුබාවට එරෙහි දැඩි ප්‍රතිපත්තියක සිටින අතර ලිහිල් කළ වෙළෙඳ හා සංචාර සම්බාධකද යළිත් පනවා තිබුණා.