“මට නිකම්ම හැරී කියන්න “-බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගෙන් ඉල්ලීමක්

“මට නිකම්ම හැරී කියල කතා කරන්න” බ්‍රිතාන්‍යයේ හැරී කුමරු මෙසේ ඉල්ලීමක් කර ඇත්තේ පසුගිය දිනෙක ඔහු සහභාගි වූ එක්තරා උත්සව අවස්ථාවක් සඳහා රැස්ව සිටි පිරිසගෙනුයි.

මේ දිනවල ඔහු සිය අවසන් රාජකීය නිල කටයුතුවල නිරත වෙමින් සිටින අතර මාර්තු 31 වැනි දින සිට රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වනවා.

ඒ වනතෙක් ඔහුට ‘සර්’ සහ ‘හිස් රෝයල් හයිනස්’ (His Royal Highness) යන නාමයන් භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

ස්කොට්ලන්තයේ පැවැති ඉහත කී උත්සවයේදී ඔහු හඳුන්වා දුන් නිවේදිකාව මෙසේ ප්‍රකාශ කළා. ‘ඔහු ඉතා පැහැදිලිව කියා සිටියා අපි හැමෝම ඔහුට කතා කළ යුත්තේ නිකම්ම ‘හැරී’ කියලා බව. එහෙමනම් නෝනාවරුනි, මහත්වරුනි හැරීට උණුසුම් ස්කොට්ලන්ත පිළිගැනීමක් ලබා දෙන්න’.

සියලු දෙනා අත්පොළසන් දෙද්දී ඔහු වේදිකාවට පැමිණ නිවේදන කටයුතු කළ අයේෂා හසිරිකා වැළඳගත් බවත්, එයින් පසු ඔහුගේ දේශනය ඉදිරිපත් කළ බවත් සඳහන් වනවා.

මේ වනවිට හැරී සහ ඔහුගේ බිරිඳ මෙගන් වාසය කරන්නේ කැනඩාවේයි. නමුත් රාජකීයයෙකු ලෙස ඉටු කිරීමට ඇති අවසන් නිල කටයුතු සඳහා හැරී කුමරු මේ දිනවල බ්‍රිතාන්‍යයට පැමිණ සිටින බැව් සඳහන් වනවා.මෙගන්ද ඉදිරි දිනවල එහි පැමිණෙනු ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *