කුලියාපිටිය ප්‍රදේශයේ සිසුවියක අපයෝජනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, අදාළ විදුහල්පතිවරයා 17 හැවිරිදි සිසුවිය අපයෝජනය කිරීමට තැත් කර ඇති බවයි.
විදුහල්පතිවරයාගෙන් අවස්ථා ගණනාවකදීම මේ ආකාරයට විවිධ බලපෑම් සිදුවූ බව සිසුවිය පොලීසිය හමුවේ පවසා ඇත.
සැකකාර විදුහල්පතිවරයා අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් දේශපාලන අධිකාරිය විසින් මෙම විදුහල්පතිවරයව මෙවැනි සිදුවීම්වලින් කලක සිට ආරක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.