“ආනයනික කිරිපිටිවල ෆාම් තෙල් තිබූ බව තහවුරු වුණා !” – ලක්මව දියණියෝ

ආනයනික කිරිපිටිවල ෆාම් තෙල් ,ඌරු තෙල් හෝ වෙනත් කිරි නොවන මේදය අඩංගු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යංශය නිසි පිළිතුරක් ලබා දිය යුතු බව ලක්මව දියණියෝ සංවිධානය අවදාරණය කරනවා.

අද (14) පෙරවරුවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් එම සංවිධානය පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මේ සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබාදුන් පිළිතුර ප්‍රමාණවත් නොවන බවයි.

කිරිපිටි සමාගම් විසින් ලාභය වැඩි කර ගැනීම සඳහා කිරිවල අඩංගු මිල අධික මේදය ඉවත් කර ඒ වෙනුවට මිල අඩු ෆාම් තෙල්
එක්කිරීමේ කටයුත්තක් සිදු කිරීමේ අවදානමක් ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

මව්බිම ලංකා පදනම විදෙස් රටකදී කරන ලද පරීක්ෂණයක දී මේ බව තහවුරු වී ඇති බවද ලක්මව දියණියෝ සංවිධානය පවසනවා.

වරාය ඔස්සේ පැමිණෙන කිරිපිටි ජාත්‍යන්තර පරික්ෂාවට භාජනය කිරීම,සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නොමැතිව කිරිපිටි වෙළඳපොළට බෙදා හැරීමෙන් වැලැක්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එම සංවිධානය අමාත්‍යවරයා වෙත බාරදීමට සන්දේශයක් ද රැගෙන පැමිණ සිටියා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *