ජනාධිපතිවරණයේ නොමිලේ දෙනවා කී පොහොර සල්ලිවලටත් නෑ – ගොවීන් අර්බුධයක

වී ගොවි තැන සඳහා අවශ්‍ය පොහොර නොමිලයේ ලබා දෙන බව පසුගිය ජනාධිපතිවරණයේදී පැවසූව ද ගොවිජනතාව සඳහා නොමිලයේ කෙසේවෙතත් මුදල්වලට හෝ ලබා ගැනීමට වෙළඳපොළේ පොහොර නැති තත්වයක් උද්ගතව ඇති බව ගොවි ජනතාව පවසනවා.

විශේෂයෙන්ම වෙළඳපොළ තුළ ඇතිවී තිබෙන මෙම පොහොර හිඟය නිසා මාතලේ සහ ආනුරධපුර දිස්ත්‍රික්කයන්හි වී වගාව සදහා සුදානම්ව සිටින ගොවී ජනතාව දැඩි පීඩාවකට මුහුණපා සිටිනවා.

කණ්ඩලම ව්‍යාපාරය, දේවහුව ව්‍යාපාරය, කලාවැව ව්‍යාපාරය, හුරුළු පෝෂිත ව්‍යාපාරය ඇතුළු ගොවි ව්‍යාපාර ගණනාවක වී ගොවිතැන සදහා තවාන් හා බිම් සකස් කරගෙන නොමිලයේ පොහොර කෙසේ වෙතත් වෙළඳ පොලේ මුදලට හෝ ලබා ගැනීමට නොහැකිවී ඇතැයි ගොවීහු මැසිවිලි නගනවා.

ඉකුත් නොවැම්බර මාසයේ ඇදහැළුණු වර්ෂාවත් සමග වී වගාකළ බිම් සියල්ල ජල ගැලීම් නිසා විනාශ වී ගිය බව පවසන ගොවිජනතාව දෙවන වර වී වගාව සදහා පොහොර නොමැතිව අසරණවී සිටින බවත් පොහොර මිටිය රුපියල 1000කට හෝ වෙළඳපොලෙන් මිලදී ගැනීමට වැඩ පිළිවෙලක සකස් කර දෙන රජයෙන් ඉල්ලා සිටිනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.