අද දිනයේදී උද්ඝෝෂණ ව්‍යාපාර කිරීමෙන් වළකින ලෙස ව්‍යාපාරික මණ්ඩල කිහිපයක් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටිනවා.
රට අස්ථාවර කරන විරෝධතාවලට මෙසේ වාණිජ මණ්ඩල හයක් එරෙහි වී තිබෙනවා. අද දිනයේදී සැලසුම් කර ඇති විරෝධතා ව්‍යාපාරවලින් රට යළි අස්ථාවර විය හැකි බැවින් එම විරෝධතා ව්‍යාපාරය වහාම නවතා දමන ලෙසයි මෙම ව්‍යාපාරික මණ්ඩල හය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය, තරුණ ලංකා ව්‍යවසායකයින්ගේ මණ්ඩලය, ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වානිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය, කාන්තා කර්මාන්ත ස වානිජ මණ්ඩලය එක්වයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.