ලොරියක ගැටී මන්ත්‍රී මරු දකී

මාදම්පේ කුරුණෑගල මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මිය ගොස් ඇතැයි මාදම්පේ පොලිසිය සඳහන් කළා.

මිය ගොස් ඇත්තේ මාදම්පේ සුදුවැල්ල පැලවත්ත ප්‍රදේශයේ විසූ හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී නුවන් මෙන්ඩිස් මහතායි.

ඒ මහතා ඊයේ (14) රාත්‍රියේ මාදම්පේ සිට සිය යතුරු පැදියෙන් සුදුවැල්ල පැලවත්ත සිය නිවස බලා කුලියාපිටිය මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියදී කුඩා ලොරි රථයක ගැටී අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *