පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහි අභියාචනා පෙත්සමේ විභාගයට පෙනී සිටිම සඳහායි.

මෙම චෝදනාවලට අදාළව ජුජිත් ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළා. එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සම අද දිනයේ දී විභාගයට ගැනීමට නියමිතයි. පුජිත් ජයසුන්දර මහතාට අමතරට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමටයි කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගිය දා තීරණය කලේ.

එම නියෝගය බලරහිත කරන ලෙසයි නීතිපතිවරයා අභියචනා පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *