අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 15 වැනිදා සිය පොලිස් රාජකාරියෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතයි.
ඔහුට තිබෙන නීතිමය ප‍්‍රශ්න නිසා මෙම විශ‍්‍රාම ගැනීම සඳහා සාම්ප‍්‍රදායික උත්සව කිසිවක් නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
පාස්කු ප‍්‍රහාරය පිළිබඳව කලින්ම ලැබුණු තොරතුරු හෙළි නොකළේය යන චෝදනාව මත අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රිමාන්ඞ් භාරයේ පවා පසු වුණා.