අණ පිළිනොපදින සිසුන්ට දඬුවම් – සරසවියේ පෝස්ටර් අලවයි

යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට අමානුෂිකව නවක වධය දෙන සිසුන්ට එරෙහිව දඬුවම් ලබා දෙන බව සදහන් කරමින් ආවා කල්ලියේ නමින් පෝස්ටර් කිහිපයක් යාපනය විශ්වවිද්‍යාලයේ අලවා තිබෙනවා.

වහාම නවකවදය නවත්වන ලෙසත් එම පෝස්ටර් හරහා දැනුම්දී තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලය පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කොට තිබුණා.

ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට නවකවධය දීමේදී සිදු වූ ලිංගික අඩත්තේට්ටම් සිද්ධියක් ජංගම දුරකතනයකින් නවක සිසුන් පිරිසක් විසින් වීඩියෝ ගත කිරීමේ සිද්ධියක් මත මෙම පහර දීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *