රටක් කතා කළ පුෂ්පිකා ද සිල්වා නිවේදකයෙකුට දුරකතනයෙන් තර්ජනය කරලා..

ප්‍රසිද්ධ පුවත්පත් ආයතනයක සේවය කරන නිවේදකයෙක් වන ධනූ ඉනසිතම්බි මහතා හට සහ ප්‍රසිද්ධ පුවත්පතට පුෂ්පිකා ද සිල්වා මහත්මිය දුරකතනයෙන් තර්ජනය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය නිවේදකයෙක් ලෙස කටයුතු කරන ධනූ ඉනසිතම්බි මහතා හා ඇමරිකාවේ Mrs. World ආයතනයේ උප සභාපති ටානා ජොන්සන් මහත්මිය අතර පැවති සම්මුඛ සාකච්ඡාවක් හේතුවෙන්.

අදාළ සම්මුඛ සාකච්ඡාව ඊයේ (31) සවස ප්‍රසිද්ධ පුවත්පත් වෙබ් අඩවියේ සජීවීව විකාශය කර තිබෙනවා.

එහිදී මෙරටින් Mrs. World තරඟයට සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිළිබදවද සාකච්ඡාවී ඇති අතර එම සාකච්ඡාවේදී මතුවූ කරුණු නිසා උරණවූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ධනූ ඉනසිතම්බි මහතා හට ඊයේ පස්වරුවේ දුරකතනයෙන් අමතා තර්ජනය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ධනූ ඉනසිතම්බි මහතාටත් පුවත්පත් ආයතනයටත් සිදුකළ එම තර්ජනය සම්බන්ධයෙන් ධනූ ඉනසිතම්බි මහතා ඊයේ රාත්‍රියේ මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන විමර්ශන සදහා අද දිනයේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය මිරිහාන පොලීසියට කැදවීමට නියමිතයි.

මේ අතර පුෂ්පිකා ද සිල්වා මහත්මිය රෝසි සේනානායක මහත්මියටද සිදුකල බරපතල චෝදනාවක් නිසා රෝසි සේනානායක මහත්මිය පුෂ්පිකා ද සිල්වා මහත්මියට එරෙහිවත් එම ප්‍රකාශය විකාශය කළ Youtube නාලිකාවටත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද වාර්තා වෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published.