පුත්තලමේ ඝාතනයක්

පුත්තලම පොලිස් වසමේ දෙවැනි හරස් වීදිය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගල ඝාතනයක් සිදු වී තිබෙනවා.

අරවුල අතරමඟ දී එක් පුදගලයෙකු විසින් තවත් කෙනෙකුට තියුණු ආයුධයකින් පහර දීමෙනුයි මෙම ඝාතනය සිදු වී ඇත්තේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 25ක අනුරාධපුර පාර, පුත්තලම ලිපිනයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට සම්බන්ධ ව වයස අවුරුදු 33ක තිල්අඩිය ප්‍රදේශයේ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ව අද (30) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *