පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (18) අළුයම 01.45ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යාපනය සිට කොළඹ දෙසට ධාවනය වු වෑන් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු 08 දෙනෙකු සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.
එහිදී වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනකු සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂට පත්ව ඇති බව පොලීසිය සඳහන් කර සිටියා.
අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් පස් දෙනෙකු මේ වනවිට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.