අද රෑ එල්ල කිරීමට ගිය විශාලතම ත්‍රස්ත ප්‍රහාරය වැළකේ – රුසියානු ජනපති ට‍්‍රම්ප්ට ස්තුති කරයි

උදාවන නව වසර පිළිගැනීම සිදුවන සැමරුම් අතරතුර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ප්‍රබල ප‍්‍රහාරයක් එල්ල කිරීමට කිසියම් පිරිසක් සැළසුම් කර තිබෙනවා.

එය විශාලතම ප්‍රහාරයක් ලෙසයි සැළසුම් කර තිබී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් පළමුවරට රුසියාවට දැනුම් දී ඇත්තේ අමෙරිකානු බුද්ධි සේවා විසින්.

ඒ අනුව සිදු කෙරුණු විමර්ශනවලදී ප‍්‍රහාරය සැලසුම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු රුසියාව විසින් අත්අඩංගුවට ගැනුණා.

සිදුවීමට ගිය ත‍්‍රස්ත ප‍්‍රහාරය වලක්වා ගැනීමට සහය වීම සම්බන්ධයෙන් රුසියාව අමෙරිකාවට ස්තූතිය පළ කර තිබෙනවා.

රුසියානු ජනාධිපති වැලැද්මියර් පූටින් අමෙරිකානු ජනාධිපති ඩොනලඞ් ට‍්‍රම්ප්ට දුරකථනයෙන් අමතා මෙලෙස ස්තූතිය පළ කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.