දක්ෂිණ අධිවේගි පිවිසුම් මාර්ගයේ නුගදුව ප්රදේශයේ නවතා තිබු ටිපර් රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (24) රාත්රියේ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් බලපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි වරාය පොලිසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙක්.
අදාල සැරයන්වරයා කොරෝනා ආසාදනය වූ නිලධාරියෙකුගේ ආශ්රිතයෙකු වීම නිසා නිවසේ ස්වයං නිරෝධායනයට යොමුකර සිටි අයෙකු බවයි වාර්තා වන්නේ.
එලෙස නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී නිවසින් බැහැරව ගොස් සැරයන්වරයා මුහුණ පෑ මෙම අනතුර සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.