ලිංගික අතවර චෝදනා ලැබූ අමෙරිකා ගායකයාට වසර 30ක සිරදඬුවමක්

අමෙරිකානු ගායක ආර්. කෙලීට වසර 30ක සිර දඬුවමක් නියම වී ඇත. සිය ජනප්‍රියත්වය යොදාගනිමින් ළමයින්ට සහ කාන්තාවන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙමින් ඔහුට මෙලෙස සිර දඩුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

55 හැවිරිදි කෙලී, පසුගිය සැප්තැම්බර් මාසයේදී නිව්යෝර්ක්හිදී ජාවාරම් සහ ලිංගික ජාවාරම් අපරාධ සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබීය.

ඔහු වසර ගණනාවක සිට විවිධ චෝදනාවලට මුහුණ දී ඇති අතර විනිසුරුවරයා බදාදා කියා සිටියේ ඔහුට “මිනිස් දුක් වේදනා පිළිබඳ උදාසීන හැගීමක්” ඇති බවයි.

රොබට් සිල්වෙස්ටර් කෙලී නොහොත් ආර්. කෙලීගේ නීතිඥවරුන් පවසන්නේ ඔහු වෙනුවෙන්අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published.