දුම්රිය සේවකයන් තවත් වර්ජනයකට සැරසෙයි

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් නැවතත් වැඩවර්ජනයක් පැවැත්වීම සඳහා සූදානම් වෙන බව වාර්තා වේ. මෙවර වර්ජනය සඳහා හේතුව වී ඇත්තේ අනියම් සේවකයන් ලෙස කටයුතු කරන 750 කට අධික පිරිසකගේ සේවය ස්ථිර නොකර තවත් සේවකයන් පිරිසක් සේවයට බඳවා ගැනීමට උත්සාහ කිරීමයි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ වසර 5 කට අධික කාලයක් තිස්සේ මෙම සේවකයන් අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයන් ලෙස සේවය කරමින් සිටින බවයි. එසේ තිබියදී ඔවුන්ගේ සේවය ස්ථිර නොකර තවත් සේවකයන් පිරිසක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බවයි.

මේ හරහා බලධාරීන් උත්සාහ කරන්නේ දේශපාලන පදනම මත තවත් පිරිසකට රැකියා ලබාදීමට උත්සාහ කරමින් සිටින බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන ආදේශක, අනියම්, තාවකාලික හා කොන්ත්‍රාත් පදනමින් බඳවාගෙන ඇති සියලු සේවකයින් සේවයේ ස්ථීර කිරීමෙන් පසු පවතින පුරප්පාඩු අනුව තවත් සේවකයින් බඳවාගන්නේ නම්, ඊට විරුද්ධ නොවන බවත් එසේ නොකර තවත් වතාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට දේශපාලන පත්වීම් ලබාදීමට කටයුතු කළහොත් එය තවත් දුම්රිය වැඩ වර්ජනයකට අත වැනීමක් බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

මේ වනවිට වෘත්තීය සමති, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර මෙම ගැටලුවට විසඳුම් නොලැබුණහොත් වැඩවර්ජනයක් වෙත යාමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *