මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2015 ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ පක්ෂ මූලස්ථානය බවට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
2015 වසරේ පොදු අපේක්ෂක වැඩපිළිවෙල පිළිබදව එක්සත් ජාතික පක්ෂය සමග මුලින්ම සාකච්ඡා කළේ කරුණානායක මහතා සමගයි. අපට 2015 ජනාධිපතිවරණයේ දී කාර්යාලයක් දැමීමට ගොඩනැගිල්ලක් වත් කවුරුවත් දුන්නේ නැහැ. නමුත් මගේ පුතා තිඹිරිගස්යායේ ගොඩනැගිල්ලක් මීලදී ගෙන තිබුනා.
එම ගොඩනැගිල්ලේ තමයි කාර්යාලය පවත්වාගෙන ගියේ. ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ දේශපාලන පක්ෂ රැසක් ඒකාබද්ධව පිහිටුවන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ පක්ෂ මූලස්ථානය වන්නේත් එම ස්ථානයයි. එහි සිට තමයි ජනාධිපතිවරණ සටන මෙහෙය වන්නේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිධූරයට පත් වූ ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා වෙනුවෙන් අළුත්ගම ධර්ගා නගරයේ ආගමික නායකයින් සහ ස්වේච්ඡා සංවිධාන ඒකාබද්ධව සංවිධානය කළ උපහාර උත්සවයට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අළුත්ගම ධර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ දී උත්සවය පැවැත්විනි.