අය-වැය දෙවනවර කියවීමේ විවාදය ඊයේ (06ද) දින පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විවාදයට එක්වෙමින් අලුත්ම න්‍යායක් පිළිබඳව සඳහන් කළා.
ඒ ඌරු මී න්‍යායයි.
“අපේ ආණ්ඩුවේ සමහරු කටයුතු කළේ ඌරු මී න්‍යාය අනුවයි. ඇතැමුන් ක්‍රියා කළේ ඌරු මීයෝ වගේ. ඌරු මීයෝ කරන්නේ ගෙදර ඇතුළෙම ඉඳගෙන ගෙදර හැම තැනම හාරන එකයි. එතකොට ගෙදර කඩාගෙන වැටෙනවා. ඒ වගේ තමයි අපේ ආණ්ඩුවේ හිටපු සමහරුන් ආණ්ඩුවේම ඉඳගෙන ආණ්ඩුව විවේචනය කළා. එහෙම කරපු නිසා තමයි අපි පළාත් පාලන ඡන්දය පරාද වුණේ” යනුවෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කර සිටියා.