පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ අහඹු PCR පරීක්ෂණ

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ අද (04) දිනයේ අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබේනවා.

මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ වෙළෙඳාම් කටයුතු කරන පිරිසගෙන් සහ මසුන් මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් අතරින් අහඹු ලෙස තෝරාගත් පිරිස් සඳහා එලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිරෝෂ් වික්‍රමසූරිය මහතා පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අද දිනයේ ආසාදිතයින් වාර්තා වුවහොත් ගැනීමට සුදුසු පියවරයන් ඉදිරියේදී තීරණය කරන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *