”ඉතින් ආයුබෝවන් හිරු මව්නි ගරු” – රංගන සුදේව සමඟින් එක්ව හිරු නාළිකාවට සමුදුන් හැටි

හිරු මාධ්‍ය ආයතනයෙන් ඉවත් වී ස්වර්ණවාහිනී නාළිකාව සමඟින් එක්වූ සුදේව හෙට්ටිආරච්චි හා රංගන සිල්වා පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

වසර ගණනක් එම නාළිකාවේ සේවය කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා හදිසියේම ඉවත්ව යාම පිළිබඳව බොහෝ දෙනෙකු අතර කුතුහලයක් ඇතිව තිබුණද මේ වන විට එය සනාථ කරමින් රංගන ද සිල්වා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ ”ඉතින් ආයුබෝවන් හිරු මව්නි ගරු 🙏🙏🙏” ලෙසිනුයි. මේ සටහනට ඔහු සුදේව හෙට්ටිආරච්චි ද එක්කරගෙන ඇති අතර තමන් වසර ගණනක් සේවය කළ මාධ්‍ය ආයතනයට සමුදීම පිළිබඳව නිල වශයෙන් මෙයින් ප්‍රකාශ කර තිබෙන බව එය දකින කාටත් වටහාගත හැකි වෙනවා.

ඉදිරියේදී ස්වර්ණවාහිනී නාළිකාවෙන් නැවතත් ඔබේ ආලින්දයට පැමිණෙන ඔවුන් දෙදෙනාට බොහෝ දෙනෙකුගේ සුභපැතුම්ද එක්ව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *