හොරකම් ගැන මතක් කරද්දී රනිල්ට කේන්ති ගිහින්..

යහපාලන රජය සමයේ සිදුවූ හොරකම් සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී කෝපයට පත්වූ වික්‍රමසිංහ මහතා සාකච්ජාව අතරමග නවත්වා පිටව යාමට කටයුතු කර තිබේ.

අන්තර්ජාල නාලිකාවක් මගින් මෙම සම්මුඛ සාකච්ජාව සිදු කර ඇති අතර එහිදී ඉකුත් යහපාලන සමයේ සොරුන් ආරක්ෂා කිරීම සම්බන්දයෙන් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණ.

එහිදී වික්‍රමසිංහ මහතා කෝපයට පත්ව තමන් හොරකු නොවන බව පිළිගන්නා ලෙස සාකච්ඡව මෙහෙයවූ පුද්ගලයාගෙන් ඉල්ලීමක් කරන ආකාරයක් දැකගන්නට ඇත.

නමුත් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ කෝපයට පත් වන වික්‍රමසිංහ මහතා සාකච්ජාව නවත්වා පිටව යාමට කටයුතු කරන ආකාරයක් දැකගන්නට පිළිවන්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *