ජනපති රනිල්ගේ රාජාසන කථාව අද

09 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය අද පෙරවරු 10.30 ට උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට එතුමා උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව සම්ප්‍රදායානුකූලව සිදු කෙරෙන ආචාර වෙඩිමුර සහ රථ පෙලපාලි පැවැත්වෙන්නේ නැහැ. ඒ වෙනුවට ජනාධිපතිතුමා පිළිගැනීම සදහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිද හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමීම සිදු කෙරෙනවා.

මෙහිදී ජනාධිපතිවරයාගේ ධජය එසවීමක් සිදු නොවන අතර ජාතික ධජය පමණක් එසවීම සිදු කෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන කටයුතු අංශය සදහන් කරනවා.

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 09 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

09 වෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරය පසුගිය ජුලි 28 වනදා වාර අවසාන කෙරුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *